මෙහෙවර - ප්‍රඥාසම්පන්න විනය ගරුක , සාමය හා සමගිය අගයන , පරිසරය සමග සහජීවනෙයන් ක්‍රියාකරන , අභියෝග ජයගත හැකි , නිර්මාණශීලී අවංක පුරවැසියකු සමාජයට දායාද කිරීම.
හිටපු විදුහල්පතිතුමා ඇලපාත ඉසුරු විදුහලට ආයුබෝවන් කියයි
ඇලපාත ඉසුරු විදුහලේ හිටපු විදුහල්පති ඒ පී මුණසිංහ මහතා පාසලේ දු දරුවන්ට සහ ආචාර්ය මණ්ඩලයට ආයුබෝවන් කියා පාසලෙන් සමුගත්තේය. පාසලේ දු දරුවන්ට මීළග සියවසට මග පෙන්වීමට මහත් කැපවීමෙන් ක්‍රියාකළ එතුමා ඉසුරු ව්‍යාපෘතිය සාර්ථක කිරීමටද මහගු සේවයක් ඉටුකළේය.
ඇලපාත ඉසුරු විදුහලට නව විදුහල්පතිවරයෙක්
ර/ඇලපාත ඉසුරු විදුහල් නව විදුහල්පතිවරයා වශයෙන් බී. විතානගේ මහතා පසුගිය ජුලි 29 වන බ්‍රහස්පතින්දා හිටපු විදුහල්පතිවරයා වන ඒ පී මුණසිංහ මහතාගෙන් වැඩ භාරගත්තේය.
සබරගමු පාසල් ක්‍රීඩා-2010
ඇඔිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී පසුගිය 12වනදායින් නිමාවට පත් වු සබරගමු පාසල් ක්‍රීඩා මළල ක්‍රීඩා උළෙලේදී 21න් පහළ බාලක මීටර් 400 කඩුලු ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට රුමේෂ් නිශ්ශංක සමත් වු අතර ඔහු සමස්ත ලංකා තරඟ සඳහා සුදුසුකම් ලැබීය.
එහිදී 19න් පහළ බාලිකා මීටර් 400 කඩුලු තෙවන ස්ථානය හිමිකර ගැනීමට අයේෂා තිලකරත්න ශිෂා්‍යාව සමත් විය.
මිත්‍ර පාරාදීසයේ කඳවුරුලන්නියෝ
පාසල් බාලදක්ෂිකා කණ්ඩායම දෙවන වසරේ පදක්කම සඳහා සුදුසුකම සපුරාගනු සඳහා තෙදිනක් මුළුල්ලේ ( 19.07.2010 - 12.07.2010 ) දක්වා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී කඳවුරු බඳින ලදී.
2009 වසරේ අ.පො.ස. (සා.පෙ) ප්‍රතිඵල නිකුත් කෙරේ
2009 වසරේ අ.පො.ස. (සා.පෙ) විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 128 දෙනෙකු අතරින් 71 දෙනෙකු මෙවර උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇත.එය 55.47% ක ප්‍රතිශතයකි.
ශිෂ්‍ය නායක වැඩමුළුව - 2010.05.05
ර/ඇලපාත මහා විද්‍යාලයේ 2010 වසර සදහා තේරීපත් වු නවක ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නායකත්ව වැඩමුළුවක් 2010.05.05 වන දින විද්‍යාලයීය පුස්තකාල ශාලාවේදී පැවැත්විණි.මේ අවස්ථාව සදහා කොළඔ මහානාම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඩී එස් පි කළුබෝවිල මහතාත් රත්නපුර සණස බැංකුව -ප්‍රධාන ශාඛාව - කළමනාකරු හා මාධ්‍යවේදී රංජිත් ඉලේපෙරුම මහතාත් සහභාගි වුහ.
ශිෂ්‍ය නායක නායිකාවන් තේරීම-2010
2010 වසර නව ශිෂ්‍ය නායක නායිකාවන් තෝරා පත් කර ගැනීම සඳහා සිසුන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.
එහි සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 11 සහ 12 යන දින වලදී පැැත්විණි. ඉල්ලුම්පත් අතරින් සිසුන් 50 දෙනෙක් 9 සිට 13 ශ්‍රේණි වලින් ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස තෝරා පත් කර ගනු ලබන අතර උසස් පෙළ සිසුන් ගෙන් වැඩි ප්‍රතිශතයක් තෝරා ගැනීමට නියමිතය.
පදක්කම් පැළඳවීම පසුව සිදු කෙරෙන අතර තෝරා ගන්නා ශිෂ්‍ය නායක නායිකාවන්ට තම නිල තල වල පුර්ණ බලතල ලබන සතියේ සිට හිමි වනු ඇත.
නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල - 2010
ඇලපාත විද්‍යාලයීය නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල වසර දෙකකට පසු 2010 පෙබරවාරි 23 වන දින ප.ව. 12.30 ට ගරු ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ සම්භාවනීය සහභාගීත්වයෙන් හා පළාත්, කලාප අධ්‍යාපන නිලධාරිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
2009 අ.පො.ස. (උ.පෙ) ප්‍රතිඵල නිකුත් වේ
2009 වසරේ අ.පො.ස. (උ.පෙ) විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80 දෙනෙකු අතරින් 62 දෙනෙකු මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාලය ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත.එය 78 % ක ප්‍රතිශතයකි.
විශේෂ ගුරු පුහුණු වැඩ සටහන
ර/ඇලපාත ඉසුරු විද්‍යාලයීය අ.පො.ස. (සා.පෙ) ප්‍රතිඵල ඉහළ නැංවීමේ ව්‍යාපෘති යටතේ ,ප්‍රගති සමාලෝචන හා ගුරු පුහුණු වැඩ මුළුවක් පසුගිය 28 වන සෙනසුරාදා දින විද්‍යාලයීය පුස්තකාල ශාලාවේදී පැවැත්විණි.









