• (+94) 45-2224290
  • principalelp@gmail.com

ආයුබෝවන් !

previous arrow
next arrow
PlayPause
Slider

ඇලපාත විදුහල් මාතා !!

සබරගමුව පළාතේ මනරම් භූමි භාගයක පිහිටි ර/නිවි/ඇලපාත මහා විද්‍යාලය  නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. ලක් මව දිදුලවන්නට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මිණි කැට බිහි කළ ආදරණීය විදු මවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු  ද්විතියික අංශය හා 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන අංශය ලෙස ක්‍රියාත්මක වේ.

Read More

පාසලේ දැක්ම

හෙට දිනට සරිලන ලෙස සෑම සිසුවකු තුළ ම විශිෂ්ටත්වය වර්ධනය කිරීම.

අපගේ මෙහෙවර

ඉගෙනීමේ අවස්ථා උත්තේජනය කරමින් ගොඩනැගෙන සුදුසු පරිසරයක 21 වන සියවසට ගැලපෙන ක්‍රියාශීලී සිසුන් බිහි කිරීම.

ශිෂ්‍ය නායක නිල ලාංජන පැළැඳවීම - 2021
2021 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නිල ලාංජන පැළැඳවීමේ උත්සවය පවතින Covid-19 නීතිරීතිවලට යටත්ව 2021-04-07 වන දින විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන්ගේ ප්‍රදානත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ඉතාමත් චාම් ආකාරයෙන් පැවැත්විය.
Card image cap 02 Jul2021
ඇලපාත විදු මව ජාතික පාසල් අතරට

ශ්‍රී ලංකාව තුළ පලාත් පාසල් 1000ක් ජාතික පාසල් අතරට එක් කිරීමේ ව්‍යාපෘතියට අදාලව ර/නිව්/ඇලපාත මහා විද්‍යාලය ද පළමු අදියරේදීම එක් වී ඇත.

ඉතිහාසය තුළ ඉසුරු පාසල්, light house, නවෝද්‍යා, මහා විද්‍යාල ලෙස විවිධ කඩ ඉම් පසු කරමින් මේ පැමිණි ගමන් මග විශාල ජයග්‍රහණයකි.

Card image cap 04 May2021
සිප් බිමේ ජය දද - කණිෂ්ඨ මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ තරඟ - 2021
ඇලපාත විදුපියසේ අකුරු කරන පින්බර දරුවනට විද්යාලයේ ක්රීඩා නායකයා හා නායිකාව මෙවර ලබාදී ඇති ආදර්ශය නම් ඉතා මනරම්ය.