මුණි සිරිපාදේ සැනසුම ලබමින් පොත්ගුල් පියසේ රැකවරණය ලබමින් සමන් දෙවිඳු ආශිර්වාදයෙන් වැජඹෙන ඇලපාත විදුහල් මාතාව අද වන විට රුවන්පුරයටම මැණිකක් වෙමින් සිසුන් දහස් ගණනකගේ නුවණැස පාදමින් සිටියි.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල මැතිවරණ බල ප්‍රදේශයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇලපාත ග්‍රාම නිලධාරී වසමට අයත් නිවිතිගල අධ්‍යාපන කලාපයේ, ඇලපාත කොට්ඨාසයට අයත් අප පාසල ජාතික පාසලක් ලෙස 23326 යටතේ ලියාපදිංචිව ක්‍රියාත්මක වන ද්වි භාෂා මිශ්‍ර පාසලකි.
1942.11.29 දින ඇලපාත කණුපාවිට නම් ස්ථානයේ කුඩා පොල් අතු මඩුවක සිසු දරුවන් 21 කින් හා ගුරුභවතුන් දෙදෙනෙකුගෙන් මෙම විදුහල ආරම්භ කොට 1946 වසරේ සිට රජයේ අනුමත පාසලක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා පුරෝගමී වී ඇත්තේ පූජ්‍යපාද දෙමලපෝරුවේ ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේය.
පාසල් සංවර්ධනයට බාධාවක් වූ ඉඩමක් නොමැතිකමට පිළියමක් ලෙසින් අලපාත වලව්වේ E.D ඇලපාත මැතිතුමා තම පුද්ගලික ඉඩම පරිත්‍යාග කොට 1952 වර්ෂයේ මෙම ස්ථානයේ අප පාසල ස්ථාපිත කොට ඇත. 1954 වර්ෂයේ මහා විද්‍යාලයක් ලෙසින් සංවර්ධනය වූ විදුහල ලයිට් හවුස්, නවෝද්‍යා, ඉසුරු පාසල් හා ද්වීතියික වැනි විශේෂ ව්‍යාපෘති යටතේ සංවර්ධනය වී අද වන විට ජාතික පාසලක් ලෙස සංවර්ධනය වෙමින් පවතී.
වර්තමානයේ සිසු දරුවන් 1000 ක් අධ්‍යාපනය ලබන අප පාසලේ ගුරුභවතුන් 65 ක් සේවයේ යෙදී සිටී. දැනට 6-13 පන්ති පැවැත්වෙන අතර උසස් පෙළ කලා, වාණිජ්‍ය මෙන්ම විද්‍යා අංශය 2013 මැයි මස 23 දින ආරම්භ කරන ලදි. 2014 වසරේ ගණිත අංශයද ආරම්භ කිරීමට හැකිවිය. 2020 වර්ශයේ 13 වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතියද ආරම්භ කරන්නට යෙදිණි.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ද්විතීයික අංශය යටතේ ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
"හෙට දිනට සරිලන ලෙස සෑම සිසුවකු තුළ ම විශිෂ්ටත්වය වර්ධනය කිරීම." යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
1942 නොවැම්බර් 29 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
21 |
|
මුල් ගුරුතුමාගේ නම |
|
|
පාසලේ ආදි කතෘගේ නම |
පූජ්‍යපාද දෙමලපෝරුවේ ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 - පොල් අතු මඩුවකි |
|
පාසලේ නම |
ර/ඇලපාත මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
1946 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ඇලපාත කණුපාවිට නම් ස්ථානයේ පොල් අතු මඩුවක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1942 නොවැම්බර් 29 |