නමදිමු නමදිමු දොහොත් මුදුන් දී..
ඇලපාත විදුහල් මාතා....//
මුණි සිරිපාදෙනි සැනසුම ලැබුවේ
පොතුගුල් පියසයි රැකවල දුන්නේ
සමන් දෙවිඳු නිති පිහිටට ඉන්නේ
විදුහල් මෑණි අපේ...//
කීර්ති කදම්බය දසත පතුරවමු
ඔබ වෙනුවෙන් දිවි වුව පුද කරමු
වැඩ කෙරුමෙන් ඇය පුබුදවමු
සදහම් සුවඳින් සුවඳ වෙමු...//
නමදිමු නමදිමු දොහොත් මුදුන් දී
ඇලපාත විදුහල් මාතා...//
ඔබේ සිහිල් සෙවනේ දිලෙනා
මිණිකැට වෙමු අපි ලක්දිව රකිනා
ජයසක් පිඹිමු පෙරමුණ ගනිමු
නිවහල් දිවියක රස විඳිමූ...//
ජාතිය ජීවය සැපවත් කෙරුමට
බැඳෙමු බැඳෙමු අපි ඔබ නාමේ
බැඳෙමු බැඳෙමු අපි ඔබ නාමේ
බැඳෙමු බැඳෙමු අපි ඔබ නාමේ